07 July 2025

logo

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය ගැටලු ජනපතිට කියයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් අද (13) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බවයි.

සියලු වෘත්තීකයන්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත් ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලුදෙනාගේ අයිතින් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත් මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

(colombotimes.lk)