19 February 2026

logo

පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කරයි



මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (13) අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්  පවත්වා තිබෙනවා.

ඒ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

එහිදී මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමට තීරණය කිරීමටද එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)