මෙරට වෙළඳපොළේ රන් මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 366,300ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (20) සටහන් වුණේ රුපියල් 362,600ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රුපියල් 392,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 396,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)
