18 February 2026

logo

කැලිෆෝනියාවේ පුද්ගලයන් 10ක් අතුරුදන් වෙයි



කැලිෆෝනියාවේ කාසල් පීක් හී ඇති වූ හිම කුණාටුවකින් පුද්ගලයන් 10දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස අතුරුදන් වූ පිරිස හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් බවයි.
 
මීට අමතරව තවත් පුද්ගලයන් 06දෙනෙක් ද සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

ඔවුන් මුදාගැනීමට ගලවා ගැනීමේ භටයන් 46දෙනෙක් එරට බලධාරීන් විසින් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් එරට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු තරමක් අසීරු වී තිබෙනවා. 

(colombotimes.lk)