පාකිස්ථානයේ කරච්චි නගරයේ ඊයේ (19) ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 13කට අධික පිරිසක් මිය ගොස් තිබෙන බවයි.
එලෙස මියගිය පුද්ගලයන් අතර අවුරුදු 02ක කුඩා ළමයෙක් ඇතුළුව ළමුන් 07දෙනෙක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළා.
මහල් නිවාස සංකීර්ණයක පළමු මහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගොඩනැගිල්ලේ සිර වී සිටින පුද්ගලයන් සොයා මේ වන විටත් මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි.
(colombotimes.lk)
