22 February 2026

logo

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි



රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෝමාගම ප්‍රදේශයේදීයි. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44වන පුද්ගලයෙක්. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)