දිවයින පුරා පවතින අධික වර්ෂාපතන කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්.
එම සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ 'රතු නිවේදන' හෙවත් 3වන මට්ටමේ ඉවත් වීමේ නිවේදන නිකුත් කළ බවයි.
එමෙන්ම එම ප්‍රදේශයේ අවදානම් සහගත ස්ථානවල වෙසෙන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු විය යුතු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)
