02 April 2025


අඩු මිලට රජ ලුණු අනිද්දා සිට වෙළෙඳපොළට



ජාතික ලුණු සමාගමට අයත් අලිංමකඩ ලුණු ලේවායේ නව මේස ලුණු කර්මාන්තශාලාව ඊයේ (29) විවෘත කර තිබෙනවා.

ඒ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංම් චන්ද්‍රසේකරම්, උතුරු පළාත් ආණ්ඩුකාර නවලිංගම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම නව කර්මාන්තශාලාවේ පැයකට ටොන් 5ක මේස ලුණු නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කරන ලුණු 'රජ ලුණු' ලෙස අප්‍රේල් පළමුුවනදා සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)