25 June 2025

logo

Chef Ceylon | ඉක්මනට රසට ගෙදරදීම ආප්ප හදමු



අපිට ඉතින් ආප්ප කියන්නේ අරුම පුදුම කෑමක් නෙමෙයිනේ. ටවුන් එකට ගිය ගමන් ආප්ප කඩ ඕනේ තරම් හොයාගන්න පුළුවන් කාලයක් මේක.
ඒත් අපි පුංචි කාලේ කෑව ආප්ප වලට වඩා ගොඩක් වෙනස් දැන් තියෙන ආප්ප. ඉස්සර කාලේ තියෙන ආප්ප හරිම තුනී වගේම ගොඩක් කිරි රසයි. දැන් තියෙන ආප්ප ගොඩක් හයියයි.

කඩෙන් ගෙනෙන ආප්ප මෙතරම් තද ඇයි කියල බලද්දී කිහිප දෙනෙක්ම කිවුව දෙයක් තමයි බිත්ති වල පලුදු වැසීමට පාවිච්චි කරන ප්ලාස්ටර් ඔෆ් පැරිස් නමැති බදාමයෙන් ස්වල්පයක් ආප්ප වලට මිශ්‍ර කර ගන්න හෝටල් හිමියෝ පුරුදු වෙලා ඉන්නවා කියලා.
මේ කතාව ඇත්තක් නම් අපි සල්ලි දීලා කන්නේ වස.
දැන දැනම වස කන්න ඕනේ නැති නිසා අද Chef Ceylon තුළින් රසම රස ආප්ප ඉක්මනින්ම ගෙදරදීම හදාගන්න හැටි තමයි කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

- සහල් පිටි 500g
- යීස්ට් තේ හැදි 1 1/2ක්
- පොල් ගෙඩියක වතුර
- සීනි මේස හැදි 2 ක්
- බිත්තර 1
- ලුනු (අවශ්‍ය තරමට)
- වතුර අඩු කෝප්ප 1 ක් පමණ
- පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ

සාදන අකාරය

- මුලින්ම සහල් පිටි, යීස්ට්, සීනි, පොල් කිරි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න.
- මෙය තරමක් ඝණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනාගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.
(කිරි ඔක්කොම එකතුකරන්න එපා. මිශ්‍රණය ගොඩක් දියාරැ ගතියට ගන්න එපා)
- ඉන් පසු පිරිසිදු භාජනයකට සදා ගත් උකු මිශ්‍රණදමන්න.
- දැන් භාජනය වසා පැය 5ක් පමණ තියන්න.

- පැය 5කට පසු මිශ්‍රණය හොදට පිපිලා තියේවි.
- උකු ගතිය වැඩි නම් ඉතිරි කරගත් කිරි ටිකක් දමා හොදින් කලවම් කරන්න.
- දැන් ආප්ප තාච්චිය ලිප මත තබා තාච්චියේ තෙල් යාන්තමින් ගාන්න.
- තාච්චිය රත් වූ පසු ආප්ප මිශ්‍රනය පොල්කටු හැන්දක් පමණ එක්කර වටේ කරකවා පියනකින් වසා ආප්ප සාදා ගන්න.
- මද ගින්නේ ආප්ප පිස ගන්න මතක කරන්න එපා.

මේ විදියට හදාගන්න ආප්ප රෑ කෑමට, සවස තේ මේසෙට වගේම උදේ කෑමටත් ගන්න පුළුවන්.
රසම රස කට්ට සම්බෝලයක් හදාගත්තනම් ගෙදර හැමෝම ආසාවෙන් ආප්ප රස විදිනවා නොඅනුමානයි.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)