ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සම්මත කර මේ වන විට වසර 25ක පමණ කාලයක් ගතවී තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම කාලසීමාව තුළ සිදුවී ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තනයන් හේතුවෙන් ළමුන්ට එරෙහිව සිදු වන අපයෝජන සහ හිංසනයන් සංකීර්ණ වී තිබෙනවා.
එම ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ කාර්යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සංශෝධන ඇතුළත් කරමින් එම පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා.
(colombotimes.lk)