06 August 2025

logo

විදෙස් ශිෂ්‍යත්ව සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැතිඇමති දරුවන්ගේ ලැයිස්තුව එළියට



විදෙස් ශිෂ්‍යත්ව සඳහා මැතිඇමති දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ අද (05) පාර්ලිමේන්තුවේදීයි.

2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ජනධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබාගත් අයගේ නම් ලැයිස්තුව ඔහු සභාගත කළා.

2008 වසරේදී පුද්ගලයන් 18දෙනෙක් වෙනුවෙන් එලෙස ජනාධිපති අරමුදලෙන් 1,155,250ක මුදලක් ලබාගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම 2010 වසරේදී තිදෙනෙක් 3,400,000ක් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)