01. දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවේ තීරණය එළියට
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබී තිබෙනවා.
එම යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මඟින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදු කරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතයි.
02. රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (05) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,018,021.00ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (04) සටහන් වුණේ රුපියල් 1,013,276.00ක් ලෙසයි.
එමෙන්ම අද (05) කැරට් 22 ග්‍රෑම් 08ක මිල රුපියල් 263,350.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කැරට් 22 ග්‍රෑම් 01ක මිල රුපියල් 32,920.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 24 රන් ග්‍රෑම් 01ක මිල රුපියල් 35,910.00ක් ලෙස සටහන් වුණා.
03. මස්ක්ට ඩොලර් බිලියන ගණනක් වටිනා කොටස් ප්‍රදානයක්
ටෙස්ලා සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ට ඩොලර් බිලියන 29 (£ බිලියන 21.7)ක් වටිනා කොටස් ප්‍රදානය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු අධිකරණයක් ඔහුගේ 2018 වැටුප් පැකේජය වන ඩොලර් බිලියන 50කට වඩා වැඩි අගයක් ගැනීමෙන් පසුව එය 'කොටස් හිමියන්ට අසාධාරණ' බව තීන්දු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබෙන බවයි.
04. හරක් කටා ඇතුළු 05දෙනෙක්ට අළුත් නඩුවක්
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් ලිදුල ලෝගි වතුයායේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලිදුල පොලිස් වසමේ නිලධාරියෙක් සඳහන් කළේ ගම්පොළ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුව තරුණයෙක් බවයි.
ඔහුගේ මිතුරන් සිව්දෙනෙක් සමඟ ඊයේ (04) පස්වරුවේ ලිදුල ලෝගි වතුයායේ දියනෑමට ගොස් ඇති බවයි.
එලෙස ජලාශයේ අතුරුදහන්වී සිටි තරුණයාගේ සිරුර ගොඩ ගැනීමට ඊයේ (04) රාත්‍රියේ කටයුතු කර තිබෙනවා.
05. ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර වෙයි
මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදා හරින ස්ථානවලට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර තිව්‍ර වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ පසුගිය මැයි මාසයේ සිට ආධාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මෙලෙස මිය ගොස් ඇති බවයි.
එසේම ඊයේ (04) දිනයේ ද ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 40දෙනෙක් මිය ගොස් තිබෙනවා.
06. රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට
කීර්තිබණ්ඩාරපුර රථවහන අංශයේ ස්ථානාධිපතිවරයා අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
07. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය ගැන අලුත්ම තීරණය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව 2025.10.09 වන දිනයෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත් වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.
(colombotimes.lk)