20 January 2026

logo

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර වෙයි



මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදා හරින ස්ථානවලට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර තිව්‍ර වී තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ පසුගිය මැයි මාසයේ සිට ආධාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

එසේම ඊයේ (04) දිනයේ ද ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 40දෙනෙක් මිය ගොස් තිබෙනවා.  

(colombotimes.lk)