04 August 2025

logo

වසර 600කට පසු ගිනි කන්දක් සක්‍රීය වෙයි



රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ (03) සක්‍රීය වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුව මෙලෙස සක්‍රීය වී ඇති බවයි.
 
එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබෙනවා. 

 විශේෂඥයන් සඳහන් කළේ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගියදා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රීයවීමට ඇති බවයි. 


(colombotimes.lk)