රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදු කරන බවට ඇමරිකාව නැවතත් තර්ජනය කර තිබෙනවා.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් කෙතරම් පිරිසක් මියයන්නේ ද යන කාරණය පිළිබදව ඉන්දියාවට තැකීමක් නොමැති බවද ඇමරිකානු ජනාධිපතිවරයා එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.
2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුරෝපීය රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කප්පාදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රුසියානු තෙල් අපනයන වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ බවයි.
(colombotimes.lk)