බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව, පුහුල්ගල කඳු රක්ෂිතයේ ඊයේ (02) හටගත් ගින්නකින් අක්කර 10කට වඩා විනාශ වී තිබෙනවා.
ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් එක්ව අද (03) අලුයම වන විට ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)