03 September 2025

logo

පොල් පැළ වගාව සඳහා නව රක්ෂණ ක්‍රමයක්



පොල් පැළ වගාව සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

නව වගාව, නැවත වගාව, යටි වගාව ආදී සහනාධාර ක්‍රම යටතේ ලබාදෙන පොල් පැළ සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම වගාවන් අඛණ්ඩව අධීක්ෂණය කරන ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පැළයක් සඳහා රක්ෂණ වාර මුදල රුපියල් 67.50ක් බවයි වාර්තා වන්නේ. 

මෙම පැළයක් සඳහා රක්ෂණ ආවරණය රුපියල් 550ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)