නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් ද එය විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් පසු අමාත්‍යවරුන් අතින් නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ සමරු ඵලකය විවෘත කර තිබෙනවා.
ඉන් අනතුරුව පොලිස් මූලස්ථානයේ විවෘත කිරීමේ සටහන් පොතේ සටහන් තැබීම ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)