03 July 2025

logo

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙන් අලුත් වැඩක්



සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව මෙම වසරේදී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් 10,000ක් පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවයි. 

මෙහිදී එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් මෙම වැඩසටහන මඟින් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)