2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භ වුණා.
ඒ අනුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට අදාළ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතින බවයි.
(colombotimes.lk)