16 July 2025

logo

Colombo Times ධර්මාභිවන්දනා - සම්බුද්ධ පූජාව ඇරඹෙයි



මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා. 

ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි. 

මෙම විශේෂ සදහම් වැඩසටහන ආරම්භ කරමින් අශ්ඨාංග සීලය සමාදන් වීම රත්නපුර රත්ගඟ පුංචි දඹදිව විහාරයේ ගරු විහරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, මුළු දිවයිනටම සාම විනිසුරු, විනය කීර්ති ශ්‍රී ශාසන විභූෂණ සද්ධර්මා වාගීශ්වර, අන්තර් ජාතික මානව හිමිකම් පිළිබඳ කාර්ය සාධක බලකායේ ක්‍රවුන් චාන්සර්, අමරපුර මහා නිකායේ චූලගන්දී පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දෙවුම්පහළ දේවමිත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. 

'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,



(colombotimes.lk)