ශ්‍රී ලාංකීය Digital පුවත් කලාවට නව මානයක් හඳුන්වාදෙමින්, අපක්ෂපාති ජාත්‍යන්තර පන්නයේ Digital මාධ්‍ය අත්දැකීමක් ඔබට සමීප කරන Colombo Times, අද සිය අභිමානවත් 06 වන සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලබනවා.
Colombo Times Network පුද්ගලික සමාගමට අයත් Colombotimes.lk වෙබ් අඩවිය, එවකට රටේ පැවැති විශ්වසනීය සාරවත් ඩිජිටල් මාධ්‍ය කලාවේ හිඩැස පුරවාලමින් සිය මෙහෙයුම ආරම්භ කෙරුණේ 2018 වසරේ ඔක්තෝම්බර් මස අද වැනි දිනකයි.
මෙවර Colombo Times, සංවත්සර සැමරුමේ තේමාව වන්නේ Colombo Times 'Super 6' යන්නයි.
ඒ අනුව Colombo Times 'Super 6' ඔස්සේ නැවුම් වූ ඩිජිටල් අත්දැකීම රැසක් ඔබ වෙත සමීප කරවීමට අප මේ වන විටත් සූදානම්.
Colombo Times 'Super 6' සංවත්සර සැමරුම පිළිබඳව Colombo Times නිර්මාතෘ, කළමණාකාර අධ්‍යක්ෂක සජීව ද සිල්වා දැක්වූයේ මෙවන් අදහසක්.
'මීට හරියටම අවුරුදු 6කට කලින් අපි Colombo Times පටන් ගන්නකොට අපිට තිබුනා එක දැක්මක්. ඒ නිසාම ඒ කාලයේ හැමෝම අපේ ආරම්භය දැක්කේ උඩු ගං බලා පිහිනන අභියෝගයක් වගේ. කළ නොහැක්කක් වගේ. මොකද ඒ කාලේ වෙබ් එකක් උඩට එන්න නම් ළමා දූෂණ ගැන, කාන්තා අපචාර ගැන, විවිධ ජනප්‍රිය චරිත වල පුද්ගලික ජීවිතය ගැන, පුවත්, ලිපි, නැත්නම් වචන ටිකක් තලු මරමින් ලියලා තිබ්බම හොඳටම ඇති.
නමුත් අපිට ඕනේ වුණේ ඒ භාවිතාව වෙනස් කරන්න. අද අපි ඒ භාවිතාව වෙනස් කරමින් ඉන්නවා. මිලියන ගණනක් පරිශීලකයන් අද Colombo Times වටා එක් වෙලා ඉන්නවා. අපි අද මිනීමැරුමක්, සියදිවි හානි කරගැනීමක්, කාන්තා ළමා හිංසන ගැන තලු මරමින් කතා නොකර නමුත් Views වලින් අඩු නැති පුවත් සන්නාමයක් නිර්මාණය කරලා. ඒ වෙනුවෙන් Colombo Times කණ්ඩායමට මම ස්තූති වන්ත වෙනවා.
ඒ වගේම 6 වන සංවත්සරය සමරන මේ වෙලාවේ 2024 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මාධ්‍ය වෙබ් අඩවිය බවට අප සම්මාන ගණනාවකින් පිදුම් ලබලා. ඒ සාඩම්බරය එක්ක Colombo Times සමඟ 6 වසක් පුරා රැඳී ඉන්න ඔබ සැමට අපේ හදපිරි ප්‍රණාමය පුදකරන්න මම කැමතියි. ඔබ වෙනුවෙන් ඉදිරියටත් මේ සාරවත් Digital මාධ්‍ය භාවිතාව එක්ක ඉදිරියට යන්න අපි සූදානම්.'
ආරම්භයේ සිටම සාරවත් Digital මාධ්‍ය කලාවක් වෙනුවෙන් ඇප කැප වූ Colombo Times තුළින් විශ්වසනීයව අපක්ෂපාතිව පුවත් පළමුව ඔබ වෙත සමීප කිරීමට අප Whatsapp සමාජ මාධ්‍ය යොදා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමුවරට පුවත් බෙදා හැරීම සඳහා whatsapp සමාජ මාධ්‍ය හඳුන්වා දුන් අප අද වන විට මෙරට ප්‍රමුඛතම Whtasapp පුවත් සපයන්නායි.
වසර 6ක් පුරා අප ළඟා කරගත් සාර්ථකත්වය යළි යළිත් තහවුරු කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාධ්‍ය වෙබ් අඩවිය ලෙස Colombo Times අප Best Web සම්මාන උළලේදී රන් සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
එමෙන්ම වසරේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය සහ වසරේ හොඳම දේශපාලන සංවාදාත්මක වැඩසටහනට හිමි සම්මානයෙන්ද අප පිදුම් ලැබූවේ එය තව තවත් සපථ කරමින්.
Facebook, Twitter, Instagram සහ Tik Tok සමාජ මාධ්‍ය මෙන්ම YouTube ඔස්සේ Colombo Times අප ඔබ වෙත සමීප වෙනවා.
අභිමානවත් 06 වන සංවත්සරය සමඟ තවත් නව වසරකට පා තබන මේ මොහොතේදී ඔබේ විශ්වසනීය Digital ප්රවෘත්ති සපයන්නා ලෙස නැවුම් වූ අත්දැකීම් රාශියක් ඔබට සමීප කිරීමට Colombo Times අප සූදානම්.
බාධක, අභියෝග මැද නොනැවතී ඉදිරියට ආ පසුගිය සය වසර පුරාම, අප කෙරෙහි විශ්වාසය තබමින් අපත් සමඟ රැඳී සිටින මිලියන සංඛ්‍යාත Colombo Times පරිශීලක ඔබට අපගේ හද පිරි උත්තමාචාරය !
- 24/7 Colombo Times සංස්කාරක මණ්ඩලය -
(colombotimes.lk)