වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම මෙම කමිටුවේ අරමුණ බවයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව රජයේ නිලධාරීන්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත වනවා.
එහි පළමු හමුව ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබාදීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතයි.
වන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය මෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)