colombotimes.lk
සිංහල | English

04 May 2024

වෙළඳ භාණ්ඩ බදු පැනවීම පාර්ලිමේන්තුවට



විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අනිවාර්යය කරමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින්.

අදාළ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව ද වාර්තා වනවා.

ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෙම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)