15 June 2026

logo

මාලිමා මන්ත්‍රිනී ලක්මාලිට නව තනතුරක්



ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර පත්වී තිබෙනවා.

ඒ කාරක සභාවේ මංගල රැස්වීම අද (22) පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදීයි.
 
එහිදී මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් ලක්මාලි හේමචන්ද්‍රගේ එම සභාපති ධූරය සඳහා යෝජනා කර තිබෙනවා.

අනතුරුව මන්ත්‍රී කන්දසාමි ප්‍රභු විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

 (colombotimes.lk)