24 June 2026

logo

තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළ‌ඟේ වේගය විටින් විට පැ.කි.මී 50 - 60 දක්වා වැඩි විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

එමනිසා ඉදිරි නිවේදන පිළිබඳව අවදානයෙන් සිටින ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා.



(colombotimes.lk)