බස් රථයක් ටිපර් රථයක ගැටී අද (12) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ මින්නේරිය - බටුඔය පාලම අසලදීයි.
එම අනතුරෙන් පුද්ගලයන් 27දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මාදුරු ඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදු වූ බවයි.
තුවාල ලැබූ පුද්ගලයන් පොළොන්නරුව සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ තුවාල ලැබූවන් 05දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි.
(colombotimes.lk)