12 August 2025

logo

තරුණ සමුළුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



ආණ්ඩුව රැකියා සපයන ආණ්ඩුවක් නොව රැකියා උත්පාදනය කරන ආණ්ඩුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික තරුණ දිනයට සමගාමීව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවේදීයි.

වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහි කළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයන් බිහි නොවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන අතකොළුවක් බවට පත්නොවී රටේ අනාගතය භාරගැනීමට සිටින නියමවරුන් බවට පත් කිරීම තරුණ සමුළුව මේ දක්වා පැමිණි ගමන්මඟේ සනිටුහන්වී ඇති බවයි. 

එමෙන්ම රට භාරගැනීම සඳහා සූදානම් විය යුතු වන්නේ තම පාලනයෙන් පසුව රට භාරගැනීමට අවංකභාවය, හැකියාව සහ නිපුණතාවය ඇති තරුණයන් පිරිසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. 


(colombotimes.lk)