12 August 2025

logo

ජාතික තරුණ සමුළුව ඇරඹෙයි



2025 ජාතික තරුණ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා. 

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන්.
 
මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වන්නේ 'තිරසර සංවර්ධන ඉලක්ක සහ ඉන් ඔබ්බට තරුණ තරුණියන් ක්‍රියාකාරී වන්නේ කෙසේද' යන්නයි.

එම සමුළුව සඳහා දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් සහභාගී වන බව ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න සඳහන් කළා. 

(colombotimes.lk)