12 August 2025

logo

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විපක්ෂයේ විශ්වාසභංගය අද කථානායකට



ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව අද (12) දහවල් කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

එම යෝජනාව කථානායකවරයාට ඊයේ (11) භාරදීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

නමුත් ඊයේ (11) දිනයේදී කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

එමනිසා එය භාරදීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)