12 August 2025

logo

උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අදින් අවසන්



2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අද (12) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (12) දිනයේදී ද Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)