උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200ක් සිදුකර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ඉදිරි දිනවලදීද අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
එමෙන්ම බිත්තර සහ කුකුල් මස් මිල උත්සව සමය තුළ ඉහළ දැමීමට උත්සාහ කරන වෙළඳුන් සම්බන්ධවද නිලධාරීන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.