colombotimes.lk
සිංහල | English

10 May 2024

මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් වන තුරු යුක්තිය මෙහෙයුම අඛණ්ඩව



ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මේ වසරේ ජූනි මස 30 වැනිදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා පොලීසියට බලය පවරා තිබෙනවා.

එම කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් නොවුණහොත් ජුනි 30 වැනිදායින් පසුවත් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
(colombotimes.lk)