22 November 2024


හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක්ට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි



රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට කොළඹ මහාධිකරණයෙන් නියම කළ වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අභියාචනාධිකරණය අද (05) තහවුරු කළා.

ඒ එම දඬුවමෙන් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින්.

සම්පත් අබේකෝන් සහ පී. කුමරන් රත්නම් ආසා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)