colombotimes.lk
සිංහල | English

02 May 2024

විපක්ෂ නායක ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද අධිකරණ නියෝගයක් නිකුත් කළා. 

ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත සහ ජුම්මා හන්දිය හරහා සංඝරාජ මාවතේ කටයුතු අවහිර කිරීම අධිකරණ නියෝගයෙන් තහනම් කර තිබෙනවා. 
 
ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) අද (30) කොළඹදී සැලකිය යුතු විරෝධතාවයක් සඳහා සූදානම් කර තිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 
 
ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා රජයට බලපෑම් කිරීම එම පක්ෂයේ අරමුණයි. 
 
කොළඹ හයිඩ් පිටිය සහ පංචිකාවත්ත යන ස්ථාන දෙකකින් පස්වරු 1.30 ට විරෝධතාව ආරම්භ කරන බව SJB ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනය කළා.
(colombotimes.lk)