02 July 2025

logo

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑනාට අධිකරණයෙන් දුන් නියෝගය



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනෙක් සහ ඔහුගේ බෑනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 
 
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියම කළේ එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප 03ක් බැගින් මුදාහැරීමටයි. 
 

(colombotimes.lk)