13 September 2025

logo

රතන හිමිට අධිකරණයෙන් දුන් නියෝගය



රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ අනුව උන්වහන්සේව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 02ක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)