13 September 2025

logo

සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ගැන දැනුම්දීමක්



තවත් ශ්‍රී ලාංකිකයන් 17දෙනෙක් මියන්මාරයේ සයිබර් අපරාධ  සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක් එලෙස සයිබර් අපරාධ සඳහා යොදවා ඇති බවයි. 

මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පවතිනවා. 

මීට පෙරද එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මුදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)