13 September 2025

logo

බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර 27ක සිර දඬුවමක්



හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස 03ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු ජනාධිපතිවරයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කළ බවයි. 

එහිදී විනිසුරුවරුන් 04දෙනෙක් ඔහු වැරදිකරු බව තීරණය කළ අතර එක් අයෙක් ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබාදී තිබෙනවා. 

2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)