වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර බණ්ඩාර සහ ඔහුගේ හිතවතෙක් වන ලක්ෂිත මනෝජ් වීරබාහු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධී ලෙස වාහන ආනයනය කර වංචනික ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනා මතයි.
පොලීසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟම සුඛෝපභෝගී ජීප් රථ 2ක් ද අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)