ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර අපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 14දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
මේ වන විට බාලි දූපත්වලට ඇදහැලෙන වර්ෂාව අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්ත්වයද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)