විශේෂ මදුරු මර්දන සතියට සමගාමීව ක්‍රියාත්මක කළ වැඩසටහන් හරහා ගත වූ දින 2 තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන 10,613ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය සඳහන් කළේ කොළඹ, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 15කින් එම ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
එහිදී රතු නිවේදන 1,407ක් නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළා.