ජූනි 07වන සිට ජූනි 13වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමටද තීරණයක් ගෙන තිබෙනවා.
ඒ එම කාලය තුළ පොසොන් සතිය පැවැත්වීම හේතුවෙන්.
2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි.
(colombotimes.lk)