2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණය වෙනුවෙන් රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කළා.
ඒ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) දී පැවති සාකච්ඡාවේදීයි.
'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙනවා.
පොසොන් සතිය ජූනි 07 වනදා සිට ජූනි 13වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)