06 July 2025

logo

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට වැඩ කරන්න තහනමක්



ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම නියෝගය දින 14ක කාලයකට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීමින් මෙසේ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණා.

මීට අමතරව අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ අර්ජුන රණතුංග මහතා පත්කෙරුණා.

නමුත් අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)