colombotimes.lk
සිංහල | English

02 May 2024

බොරතෙල් මිල ඉහළ යයි



ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වී ඇති උණුසුම්කාරී තත්වය සමඟ අද (19) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.30% කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 84.63ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.15% කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි මිල ඩොලර් 88.98ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)