colombotimes.lk
සිංහල | English

22 October 2024


TikTok ගිණුම් රැසකට සයිබර් ප්‍රහාර



ප්‍රසිද්ධ පුද්ගලයින් සහ සන්නාම කිහිපයක් ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක් සිදුව තිබෙන බව TikTok සමාගම පවසනවා.

ByteDance නම් චීන සමාගම සඳහන් කරන්නේ “ඉතා සීමිත” ගිණුම් සංඛ්‍යාවක් පමණක් මෙසේ අවදානමට ලක්ව ඇති බවයි.

පරිශීලකයන් සමඟ ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශය ප්‍රතිසාධනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි TikTok සමාගම  වැඩිදුරටත් සඳහන් කළේ.

නමුත් සයිබර් ප්‍රහාරයේ අපරාධකරුවන් හෝ එය සිදු කළ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු TikTok සමාගම මේ වනතුරුත් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නැහැ.

මෙසේ සයිබර් ප්‍රහාරයට ලක්වූ ගිණුම් අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම්ද ඇතුළත්.
(colombotimes.lk)