26 May 2026

logo

සරණ ගුණවර්ධනයේ නඩු තීන්දුව කල්යයි



දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු 04ක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. 

ඒ ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්දමා තිබෙනවා. 

(colombotimes.lk)