02 July 2025

logo

දුම්රිය අවලංගුවීමෙන් සිදුවන දෛනික පාඩුව විගණනය කරයි



දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා. 

ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වසරේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝපා කමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. 

පසුගිය මැයි 08වනදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වසරේ විගණකාධිපති වාර්තාව සලකා බැලීම සිදු වුණා. 

 
(colombotimes.lk)