14 June 2026

logo

දසුන්ගේ පිත්තත් ක්‍රියාත්මක වෙයි - කොදෙව්වන්ට දැවැන්ත ඉලක්කයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

 
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් වුණා.
 
එහිදී දසුන් ශානක සහ කමිල් මිෂාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් අර්ධ ශතක වාර්තා කළා.
 
කමිල් මිෂාර සිය 4වන T20 අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 61ක් රැස් කළා.
 
එමෙන්ම දසුන් ශානක පන්දු 19ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කීරීමට සමත්වුණා.
 
දසුන් ශානක පන්දු 24කට මුහුණ දෙමින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 58ක්.
 
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කොදෙව් කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 195ක්.

(Colombotimes.lk)